(ඩී.කේ.රත්න)
හපුතලේ දඹේතැන්න වතුයායේ තේ කර්මාන්තශාලා කොටසේදී වතු කම්කරුවන් පිරිසකට අද (21) දහවල් එල්ල වූ බඹර ප‍්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරුවන් 13 දෙදෙනෙකු අසාධ්‍ය තත්වයෙන් හපුතලේ ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇතැයි හපුතලේ පොලීසිය පවසයි.
බඹර ප‍්‍රහාරයට ලක්වූ සියලූම දෙනා හපුතලේ දඹේතැන්න වතුයායේ දලූ නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකි.
එම කාන්තාවන් පිරිස දලූ නෙලමින් දිටියදී දඹේතැන්න වතුයායේ තේ කර්මාන්තශාලා කොටසේ ගසක බැද තිබූ බඹරයක් ඇවිස්සීමෙන් මෙම පිරිසට පහරදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd