IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෙඩි වැදී මියගිය කතකගේ සිරුරක් හමුවෙයි


 
 
(දයාරත්න ඇඹෝගම)
 
වෙඩි වැදිමකින් මිය ගොස් සිටි 50 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් අද (20)  සියඹලැව ප්‍රදේශයේ දී සොයා ගත් බව පරසන්ගස්වැව පොලිසිය කියයි.


මෙසේ මිය ගොස් ඇත්තේ පානියන්කඩවල,සියඹලැව ලිපිනයේ පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ පත්මා සිරියලතා (50)නැමති කාන්තාවකි.


මෙම කාන්තාව පෙරේදා (19)  රාත්‍රී හතට පමණ අසල්වාසි නිවසකට යන බව පවසා නිවසින් පිටව ගිය ද පසු දින (20) උදැසන වන තුරු නිවසට නොපැමිණීම නිසා මියගිය අයගේ පුත්‍රයකු විසින් සිද්ධිය පොලිසියට පැමිණිලි කර තිබිණි.


පසුව සිදුකළ සෝදිසියකදී මියගිය කාන්තාව ඇයගේ නිවසේ සිට මීටර් සියයක පමණ දුර ළදු කැලෑවක් තුළ වෙඩි වැදීමකින් මිය ගොස් සිටියදී සොයා ගෙන තිබේ.


මෙම මරණයට හේතුව බදින තුවක්කුවක් පත්තුවීම නිසා සිදුවුවක් බවට පොලිසිය සැක පළ කරයි.



අදහස් (0)

වෙඩි වැදී මියගිය කතකගේ සිරුරක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site