(දයාරත්න ඇඹෝගම)
වෙඩි වැදිමකින් මිය ගොස් සිටි 50 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් අද (20) සියඹලැව ප්‍රදේශයේ දී සොයා ගත් බව පරසන්ගස්වැව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පානියන්කඩවල,සියඹලැව ලිපිනයේ පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ පත්මා සිරියලතා (50)නැමති කාන්තාවකි.
මෙම කාන්තාව පෙරේදා (19) රාත්‍රී හතට පමණ අසල්වාසි නිවසකට යන බව පවසා නිවසින් පිටව ගිය ද පසු දින (20) උදැසන වන තුරු නිවසට නොපැමිණීම නිසා මියගිය අයගේ පුත්‍රයකු විසින් සිද්ධිය පොලිසියට පැමිණිලි කර තිබිණි.
පසුව සිදුකළ සෝදිසියකදී මියගිය කාන්තාව ඇයගේ නිවසේ සිට මීටර් සියයක පමණ දුර ළදු කැලෑවක් තුළ වෙඩි වැදීමකින් මිය ගොස් සිටියදී සොයා ගෙන තිබේ.
මෙම මරණයට හේතුව බදින තුවක්කුවක් පත්තුවීම නිසා සිදුවුවක් බවට පොලිසිය සැක පළ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd