(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම රේන්දපොල ප‍්‍රාර්ථනා බෝධිය ආසනයක් දමා ගොස් සිටි දින හයක් හතක් පමණ වයසැති දැරියක මීරිගම පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය අද (22) මීරිගම මූලික රෝහලට ඇතුලත් කළාය.
දැරිය දමාගොස් ඇත්තේ කුඩා දරුවන්ගේ උපකරණ ගෙන යාමට භාවිතා කරන කුඩා ප්ලාස්ටික් කූඩයකය. අයිතිකරුවකු නැති රෝස පාට ප්ලාස්ටික් කූඩයක් බොහෝ වේලාවක් තිබෙනු දැකීමෙන් පසු එය පරීක්ෂා කිරීමේදී එහි දරුවකු සිටින බව දැන ගැනීමෙන් අනතුරුව පොලිසියට දැනුම්දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයි නැතුව දුක් විඳින කාන්තාවන් කොච්චර ඉන්නවද? මීරිගම පැත්තෙත් ඇති. මේ ළමයව සුදුසු කෙනෙකුට නිත්‍යානුකුලව හදාගන්න දෙන්න උත්සාහ කලා නම් මොකද? මරන්න බැරිකමට මෙතන දමලා යන්න ඇති.
මරල කැලයකට විසි නොකර,ගගකට මුහුදකට කානුවකට කුණු ගොඩකට නොදා මෙසේ තබා යාම යහපත්ය. එසේ කල විට ඒ අම්මා සොයා ප්‍රසිද්ධියේ පත්තරේ නොදා ඇය මගින් දරුවාගේ පියා සොයාගෙන ඒවා රහසිගත ලෙස ලේඛන ගත කර වෙනත් කෙනෙකුට දරුවා හදා ගන්නට දෙන්න. එලෙස කිරීමෙන් අහිංසක ජිවිත වනසා දැමීම නතර කල හැක. ඒ දෙමවුපියන්ගෙන් එක් අයකුට හෝ ආදායම් මගක් ඇත්නම් ඒ දරුවා වෙනුවෙන් ජිවිත කාලය පුරාම ඔවුන් සොයන ආදායමෙන් කොටසක් දරුවා වෙනුවෙන් වන්දි ලෙස ගෙවන්නට සලසන්න.