(ටී.කේ.ජී.කපිල )
ස්වර්ණාභරණ තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
එම ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂ අනූ නව දහස් පන්සිය හැත්තෑවක් (1,40,99,570 ) කි.
මොවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් තිදෙනකු සහ එක් පුද්ගලයකු වන අතර ඔවුන් වෘත්තියෙන් ව්‍යාපාරිකයන් පිරිසකි.
ඔවුන් ඇද සිටි ඇදුම් අතර සහ ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලුවල මාල , මුදු , කරාබු සහ තැල්ල සහිත මාල ඇතුළත් කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 540 ක් බර මෙම ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd