රවී ලියනගේ
අක්මීමන ප්‍රාදේශීය සභාවේ අද (21) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ප්‍රදේශයේ ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර ගැන කතා කිරීමේදී එජාපය ප්‍රමුඛ මන්ත්‍රීවරු ඊට මැදිහත්වීම නිසා සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය.
උණුසුම්කාරී තත්ත්වය මුලින්ම ඇතිවුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඉන්දික නවරත්න මහතා සහ ස්වාධීන මන්ත්‍රී කමල් පෙරේරා යන මහත්වරු අතරය. පසුව ඒ සඳහා ජවිපෙ මන්ත්‍රීවරු සහ එජාප මන්ත්‍රීවරු ද එක්වුහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කළු පැහැති ඇඳුම් ඇදගෙන සභාවට පැමිණි සිටියහ.
කෙසේ වෙතත් සභාපති සේන කළහේවත්ත මහතා මැදිහත් වීමෙන් සභාව සන්සුන් විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd