( ඉන්දික අරුණ කුමාර)
යුධ හමුදාවට අයත් චාවාකච්චේරි ප‍්‍රදේශයේ හමුදා කවුඳරකට අනුයුක්තව සේවය කළ හමුදා සෙබලෙකු විල්ගමුව හදුන්ගමුව ප‍්‍රදේශයේ දී දියේ ගිලි මිය ගොස් ඇතැයි විල්ගමුව පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ හේවා කංකානම්ලාගේ ගනේෂ් ප‍්‍රියදර්ශන (35) නැමැති අංක 60 ඒ, මඩිහ, කුඹුරුගමුව, මාතර ලිපිනයේ පදිංවි සිටි පුද්ගලයෙකි.
විල්ගමුව ප‍්‍රදේශයේ සිය යහළුවෙකුගේ නිවසට පැමිණ ඇති ඔහු රාත‍්‍රි නවයට පමණ මිතුරන් තිදෙනෙකු සමඟ විල්ගමුව ඒකේ ඇලේ වැවට දිය නෑමට ගොස් ඇති බව පොලිසිය කියයි.
පසුව අතුරුදන් වී ඇති හමුදා සෙබලාගේ සිරුර සොයාගත් බව විල්ගමුව පොලිසිය පවසයි.
පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට නියමිත අතර විල්ගමුව පොලිසියේ ස්ථානාධිපති පාලිත ඉලංගන්සේකර මහතාගේ උපදෙස් පරිදි ඉදිරි පරික්ෂණ සිදුකරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd