(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර )
කුරුඳු තලා රාත්‍රියේ නිවසට එමින් සිටි තිදරු පියෙකුගේ සිරුර කොළොන්න, දාපනේ, හොරහින්ගොඩ කුඹුරු යායේ තිබියදී අද (22) අලුයම සොයාගත් බව කොළොන්න පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ රැකියාව වශයෙන් කුරුඳු තැලීම සිදු කරන ගම්හේවගේ සරත් හෙවත් රුවන් නැමැත්තෙකි.
ඔහු පදිංචි නිවසට පිවිසෙන කුඹුරු යායේ තිබූ මෘත ශරීරය අසළ පැණි රා මුට්ටියක් සහ කුරුඳු තැලීමට උපයෝගී කරගන්නා පිහිය ද තිබී සොයාගෙන ඇත.
ඕමල්පේ කොට්ඨාසයේ සහ වැඩබලන ඇඹිලිපිටිය නාගරික හදිසි මරණ පරීක්‍ෂක ආර්.එස්. ගුණසේන මහතා විසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ හදිසි මරණ පරීක්‍ෂණය පවත්වන ලදී.
මළසිරුර ඇඹිලිපිටිය දිසා මහ රෝහල වෙත යවනු ලැබීය. කොළොන්න පොලීසිය මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd