IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තිදරු පියාගේ සිරුර කුඹුරක

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර )
                                           
කුරුඳු තලා රාත්‍රියේ නිවසට එමින් සිටි තිදරු පියෙකුගේ සිරුර කොළොන්න, දාපනේ, හොරහින්ගොඩ කුඹුරු යායේ තිබියදී අද (22) අලුයම සොයාගත් බව කොළොන්න පොලීසිය පවසයි.
                    
මෙසේ මියගොස් ඇත්තේ රැකියාව වශයෙන් කුරුඳු තැලීම සිදු කරන ගම්හේවගේ සරත් හෙවත් රුවන් නැමැත්තෙකි. 
                                        
ඔහු පදිංචි නිවසට පිවිසෙන කුඹුරු යායේ තිබූ මෘත ශරීරය අසළ පැණි රා මුට්ටියක් සහ කුරුඳු තැලීමට උපයෝගී කරගන්නා පිහිය ද තිබී සොයාගෙන ඇත.  
                                        
ඕමල්පේ කොට්ඨාසයේ සහ වැඩබලන ඇඹිලිපිටිය නාගරික හදිසි මරණ පරීක්‍ෂක ආර්.එස්. ගුණසේන මහතා විසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ හදිසි මරණ පරීක්‍ෂණය පවත්වන ලදී. 

මළසිරුර ඇඹිලිපිටිය දිසා මහ රෝහල වෙත යවනු ලැබීය. කොළොන්න පොලීසිය මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

තිදරු පියාගේ සිරුර කුඹුරක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site