( නිශාන්ත කුමාර)
කසල ගොඩකට ගිනි අවුලමින් සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් අධික ලෙස පිළිස්සුම් තුවාල ලැබූ මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු මීගහකිවුල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ඩී.ආර්.සී දිසානායක (36) මහතා සිද්ධීයෙන් තුවාල ලබා මෙලෙස රෝහල් ගත කර ඇත.
තම කුඹුරේ තිබූ කසළ ගොඩකට ගිනි තබා එයට ගිනි ඇවිලවීම පිණිස කසළ ගොඩ එහා මෙහා කරද්දී අනෙක් අතේ තිබූ පෙට්‍රල් බෝතලයක එක් වරම ගිනි ගොඩට විසිවී ගිනි ඇවිලීමෙන් ඔහු මෙලෙස තුවාල ලබා ඇත.
ගිනි ඇවිලීමෙන් ඔහුගේ මුහුණ දෑත් දෙපා ඇතුලු ස්ථාන රැසකට පිළීස්සුම් තුවල සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු ගොඩක් පුච්චන්න පෙට්‍රල් , නොගැලපීමක් දැනෙන්නේ මට විතරද ?