පුෂ්පකුමාර මල්ලවආරච්චි
මීනුවන්ගොඩ කටුවැල්ලේගම සිට කුලියාපිටිය ප‍්‍රදේශයට ගෙන යාමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ විසි දෙකක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමඟ තිදෙනෙකු අද (21) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.
ගංජා ප්‍රවාහනය සඳහා යොදා ගත් නවීන පන්නයේ මෝටර් රියක් පොලිස් බාරයට ගෙන ඇත.
මොවුන් තිදෙනා යක්විල කටිත්තාව ප‍්‍රදේශයේ පදිංචි 26 හා 21 වැනි වියේ පසුවෙන තරුණ යුවළක හා මහගොඩැල්ලවත්තේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
පාර්සල් තුනක් ලෙස සකසා තිබූ ගංජා කිලෝ 8 ක් හා මුදල් රුපියල් ලක්ෂ දෙක හමාරක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ගංජා තොගයේ වටිනාකම ලක්ෂ 22 ක් පමණ වන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd