රොහාන් කුමාර
යතුරුපැදියක් හා ලොරියක් එකිනෙකට ගැටීමෙන් තරුණයකු මියගොස් ඇතැයි පිංදෙනිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගලිගමුව අරන්දර අලවල පදිංචිව සිටි බී ආර්,චූලශාන්ත නැමැති 26 හැවිරිදි තරුණයෙකි.
අරන්දර නගරයට යතුරුපැදියේ යමින් සිටියදී අලවල අම්බලම අසලදී ඉදිරියෙන් ආ කැන්ටර් වර්ගයේ ලොරියේ ගැටීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා පිංදෙනිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව කෑගල්ල මහ රෝහලට මාරුකර එවා ඇති බවත් රෝහලට ඇතුළත් කරන විටත් තරුණයා මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරියේ රියදුරු පිංදෙනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු බවත් සැකකරුව කෑගල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd