IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අකුණක් වැදී ගොවියෙක් මරුට

හිරාන් ප්‍රියංකර ජයසිංහ

 

නවගත්තේගම ඉගිනිමිටිය හමන්ගල්ල ප්‍රදේශයේ  ගොවියකු කුඹුරක නියරවල් සකස් කරමින් සිටියදී පතිත වු අකුණු සැරකට ලක්ව අද (18) මරණයට පත්ව තවත් අයකු කම්පනයෙන් නවගත්තේගම රෝහලට ඇතුළත් කර ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ නවගත්තේගම හමන්ගල්ල පදිංචිව සිටි (52) හැවිරිදි එක් දරු පියෙකි.

අකුණු සැරට ලක්වු ගොවින් දෙදෙනා අකුණු සැරට ලක්ව කුඹුරේ වැටී සිටියදී නවගත්තේගම රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් එක් අයකු මරණයට පත්ව සිටි බව කියයි.

බරපතල ලෙස කම්පනයට ලක්වු අනෙක් තැනැත්තා නවගත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.



අදහස් (0)

අකුණක් වැදී ගොවියෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site