(දයාරත්න ඇඹෝගම)
කලාවැව කඩවර දේවාලයේ පිං පෙට්ටිය කඩා එහි තිබු මුදල් සොරා ගැනීමට තැත්කළ බව කියන යුද හමුදා භටයෙක් අද (19) අලුයම එකට පමණ අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදුරුඔය ප්‍රදේශයේ හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කරන 42 හැවිරිදි හමුදා භටයෙකි. මොහු රංමල්කටුව,ඉනාමළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (19) අලුයම පිං කැටය කැඩීම සඳහා යකඩයකින් පහර දෙන හඩින් අවදි වු දේවාලයේ බාරකරු අසල්වැසියන් ද කැඳවා සැකකරු පලා යමින් සිටියදී අල්වා ගෙන පොලිසියට බාරදී තිබිණි.
සැකකරු අද (19) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd