ඩී.ජී.සුගතපාල
දාහතර හැවිරිදි බාල වයස්කාර දියණිය ගැබිණියක් කළ බාප්පා කෙනෙකු 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනවිය අද (19) නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ හබරාදුව ප්‍රදේශයේ පදිංචි 32 විවාහක පුද්ගලයෙකි.
පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ මෙම දැරියගේ පියා උතුරු මැද පළාතේ හමුදා කඳවුරක සේවය කරන අතර මව කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සේවිකාවක් බවයි.
නිවසේ සිට ඇත්තේ දැරියත් මවත් මිත්තණියත් පමණි.
මේ අතර අගෝස්තු මාසයේ දිනක දැරිය පාසල් ගොස් පැමිණ තනියම නිවසේ සිටියදී ඇයගේ බාප්පා පැමිණ පිහියක් පෙන්වා ඇය දුෂණය කර ඇති බවත් සිද්ධිය කිසිවෙකුටත් නොකියන ලෙස තර්ජනය කිරිම නිසා සිද්ධිය මවට පවසා නැති බවත් පොලිසිය පැවසීය.
පසුව සිද්ධිය හබරාදුව පොලිසියට දැන්වීමෙන් පසු සැකකාර බාප්පා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බාලවයස්කාර දැරියට අතවර කළ බාප්පා අත්අඩංගුවට