ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු අලෙවි කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මත් වතුර බෝතල් 04 ක් ද සමඟ ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙළිය පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ පදිංචි එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
ඔවුන් කුළුබඩු වෙළඳසල් දෙකක් පවත්වාගෙන යන මුවාවෙන් කාලයක් තිස්සේ බලපත්‍ර නොමැතිව රහසිගතව අරක්කු විකිණීම සිදු කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම කළ බවත් මස්කෙළිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතා පැවසීය.
සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර මෙම මස (28) දා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඔවුන් ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd