ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු අලෙවි කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මත් වතුර බෝතල් 04 ක් ද සමඟ ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙළිය පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ පදිංචි එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
ඔවුන් කුළුබඩු වෙළඳසල් දෙකක් පවත්වාගෙන යන මුවාවෙන් කාලයක් තිස්සේ බලපත්‍ර නොමැතිව රහසිගතව අරක්කු විකිණීම සිදු කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම කළ බවත් මස්කෙළිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතා පැවසීය.
සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර මෙම මස (28) දා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඔවුන් ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
312
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලපත්‍ර නොමැතිව මත්වතුර අලෙවි කළ සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට