IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බසයකට යටවී පුද්ගලයකු මරුට

(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
යක්කලමුල්ලේදි පාර මාරුවෙමින් බස් රථයකට ඉදිරිපසින් ගොඩවීමට තැත් කල 72 හැවිරිදි පුද්ගලයෙක් අහංගම සිට මාකුඹුර බලා ධාවනවූ  කොග්ගල ඩීපෝවට අයත් ලංගම බසයකට යටවීමෙන් අද (24) පස්වරුවේදී  එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


පොලීසිය පවසන්නේ මෙම පුද්ගලයාගේ හිස මතින් බස් රථයේ වම්පස රෝදය ගොස් ඇති බව මූලික පරික්ෂණයේදි හෙලිවූ බවයි.


මෙසේ මියගොස් ඇත්තේ නාකියාදෙනිය, ජනපදයේ පදිංචිව සිටි පේමදාස එදිරිසිංහ නැමැති පුද්ගලයෙකි.


මෙම සිද්ධියට අදාල බස් රථයේ රියැදුරා පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙන අතර අදාල බස් රථයද පොලිසිය භාරයට ගෙන තිබේ.


මියගිය අයගේ දේහය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ  දැනට තබා ඇත.


යක්කලමුල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.



අදහස් (0)

බසයකට යටවී පුද්ගලයකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site