IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මධ්‍යම පළාතේ ජනතාව ගංවතුරෙන් පීඩාවට පත්වේ

                                              
(කාංචන කුමාර ආරියදාස)     
                          
දඹුල්ල කණ්ඩලම උණපඳුරුයාය සහ මාතලේ විල්ගමුව ප්‍රදේශයවලට ඊයේ(22) ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති වී නිවාස රැසක් ජලයෙන් යටව පුද්ගලයන් දෙදෙනෙකුද අතුරුදන් වී ඇතැයි මාතලේ ආපදා කළමනාකරණ ප්‍රධානී චමින්ද අමරවීර මහතා සඳහන් කළේය.                              

දඹුල්ල වත්තේගන්මද්දඔය පිටාර ගැලීම නිසා එක්වරම දැවැන්ත වතුර පහරක් ගලා ඒම නිසා කණ්ඩලම උණපඳුරුයාය ප්‍රදේශයේ නිවාස 25 ක් පමණ ජලයෙන් යටවී එක් නිවසක් සම්පූර්ණයෙන් කඩා වැටී නිවාස කීපයකට අර්ධ වශයෙන් හානි සිදුවී තිබේ.          

දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ නිලධාරීන් ගම්මානයේ සිරවී සිටි පුද්ගලයන් තිදෙනකුගේ ජීවිත බේරාගත් බව  එහි ප්‍රධානි පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතා පැවසීය.   

 අනාරක්ෂිත ස්ථානවල සිටි  පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන වලට රැගෙන යෑම සහ ඔවුන්ගේ බඩුබාහිරාදිය ආරක්ෂා කර දීමේ විශේෂ මෙහෙයුමක් ඔවුන් දියත් කළ බව ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.     

අද (23) දිනය වනවිට ගංවතුර තත්ත්වට අඩු වෙමින් ඇති බවද ඔහු පැවසීය.                   

මේ අතර පැවති වර්ෂාවත් සමඟ දඹුල්ල කණ්ඩලම ජලාශයේ ජලය අඩි දෙකහමාරක ප්‍රමාණයක් පිටාර ගැලීම ආරම්භ වී ඇත. මේ හේතුව නිසා මිරිස්ගෝනිය ඔය හරහා කලා වැවට අධික ජල ප්‍රමාණයක් ගමන් කරමින් තිබෙන බව මහවැලි නිලධාරීහු පවසති.

කණ්ඩලම වැව වාන් දැමීම හේතුවෙන් දඹුල්ල වෑවල ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබිණි.                     

මාතලේ ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානී චමින්ද අමරවීර මහතා කියා සිටියේ මාතලේ විල්ගමුව ප්‍රදේශයේ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගම්මාන කිහිපයක් ම ජලයෙන් යට වී තිබූ බවයි. පුද්ගලයන් 63දෙනෙකු ස්ථාන දෙකක ආරක්ෂිතව රඳවා තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.                                                       

විල්ගමුවේ  පුද්ගලයන් දෙදෙනෙකු මේ වන විට අතුරුදහන් වී ඇතැයි ද මේ වන විට ඔවුන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවද චමින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

මධ්‍යම පළාතේ ජනතාව ගංවතුරෙන් පීඩාවට පත්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site