(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසලදී පිහියෙන් හා අතින් පයින් පහර දී සිසුවකු ඝාතනය කර ඔහුගේ මිතුරාට තුවාල සිදු කළැයි කියන තවත් පාසල් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
ජීව විද්‍යාව උපකාරක පන්තියට සහභාගීවීම සඳහා මිතුරන් දෙදෙනෙකු සමඟ යමින් සිටියදී මෙම අමානුෂික ප්‍රහාරයට ලක්වී මිය ගොස් ඇත්තේ මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආරච්චිගේරසිදුගිම්හාන (19) නැමැති සිසුවෙකි.
තිහගොඩ නායිම්බල මහහේනවත්තේ පදිංචිව සිටි ඔහු ලබන වසරේ දී ජීව විද්‍යාව විෂය ධාරාව යටතේ අ.පො.ස.උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සුදානමින් සිට්යේය.
පිහි ඇනුම් ප්‍රහාරය එල්ල කළ 16 හැවිරිදි පාසල් සිසුවා හා ඔහුගේ මිතුරන් දෙදෙනා මාතර නගරයේ තවත් ප්‍රධාන පෙලේ පාසල් දෙකක ඉගෙනුම ලබන අය වෙති.
එම ප්‍රධාන සැකකරුගේ පෙම්වතිය සමඟ ඝාතනයට ලක්වු පාසල් සිසුවාගේ 16 හැවිරිදි සහෝදරයා උපකාරක පන්තියේ දී මීට මාසයකට පමණ පෙර බහින් බස් වීමක් ඇති කර ගෙන තිබු අතර එම සිද්ධිය හේතුකර ගෙන මෙම ආරවුල ඇති වී තිබෙන බව පොලිසිය පවසයි.
පසුව ප්‍රධාන සැකකරු එම බාල සහෝදරයාගේ කණට පහර දී වරින් වර තර්ජනය කර තිබෙන අතර ඝාතනයට ලක්වු සිසුවා තවත් එසේ නොකරන ලෙසට ඔහුට දැනුම් දී තිබේ.
ඒ අනුව ඔහු මිතුරන් දෙදෙනෙකු සමඟ ඇලවේල්ල පාර දිගේ උපකාරක පන්තිය වෙත යමින් සිටියදී ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමීණි ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනා ඔවුන්ට පහර දී මෙම ඝාතනය සිදුකර තිබේ.
ඝාතනයට ලක්වු සිසුවාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ඝාතනය සජිව CCTV දර්ශන දකින්න ලැබුණා. හරිම කණගාටුදායක ලෙස තමයි ඒ දරුවා මියයන්නේ, කුඩාකල සිටම පාතාලයට අත්පොත් තියන් මේවගේ නරුමයන්ට උපරිම දඩුවම් දෙන්නේ ඕනේ.
තරහ වෙන්න එපා. මේ පළාතේ මිනිස්සු තරම් කුහක නපුරු කොට්ටාශයක් ලංකාවේ තවත් නැහැ. එක්කෝ අනුන්ගේ ඉඩකඩම් අත්පත් කරගන්න තණ්හාව. නැති නම් ඉහවහා ගිය දාමරිකකම්. අපි ඔය පැත්තේ දුරින් ඥාති වෙන මිනිස්සුත් අතේ දුරින් තියාගෙන ඉන්නේ පරම්පරාගත දාමරික වැඩ නිසා නෑදෑකම් පවත්වන්න බැරි සිද්ධි ඇති වුන නිසා. අඩු ගානේ මගුල් තුලාවක් වත් කරගන්න හොඳ පැත්තක් නෙවෙයි .
ඉතාමත්ම සාහසිකයි, මම මේ දර්ශන දුටුවා. මොවුන් අනිවාර්ය අනාගත පාතාල නායකයින්. මොවුන්ව මර්දනය කරන්න. ළමයෙකුට මේ වගේ කෘර විදියට පිහියෙන් අනින්න බැහැ තමන්ගේම වයසේ කෙනෙකුට. මොහු මනුෂයෙක් නොවේ . ළමයින්නම් රණ්ඩු වෙනවා අතින් පයින් ගහගෙන කොයි කාලෙත්