දයාරත්න ඇඹෝගම
රඹෑව නගරයේ අනවසරයෙන් ප්‍රදර්ශනය කර ඇති නාම පුවරු ඉවත් කිරීමට ගිය රඹෑව ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයාට ආධාරක පංතියක් පවත්වා ගෙන යන ගුරුවරයෙකු අද(23) පස්වරුවේ පහරදී ඇතැයි මිහින්තලය පොලිසිය කියයි.
මෙසේ පහර කෑමට ලක්වූයේ රඹැව ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයා වශයෙන් සේවය කරන ඒ. කීර්තිසිංහ මහතා ය.
ප්‍රාදේශීය සභාවට බදු මුදල් නොගෙවා නගරයේ අනවසරයෙන් ප්‍රදර්ශනය කර තිබූ නාමපුවරු ඉවත් කිරීමට නිලධාරීන් පිරිසක් සමඟ රාජකාරියේ නිරතව සිටියදී ආදායම් පරික්ෂකවරයා මෙම ප්‍රහාරයට ලක්වූ බව පොලිසිය කියයි.
සැකකාර ගුරුවරයා පවත්වාගෙන යන උපකාරක පංතිය ඉදිරිපිට සවිකර තිබූ නාම පුවරුව ඉවත් කිරීමට ගිය අවස්ථාවේ ඇතිවූ බහින්බස්වීමක් පහරදීමට හේතු වී ඇතැයි පොලිසිය පවසයි.
සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලය පොලිසිය විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
312
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රඹෑව ප්‍රා. සභාවේ ආදායම් පරීක්ෂකට පහර දෙයි