IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අක්කර දහසකට වැඩි ප්‍රමාණයක රතු ලූණු වගාව විනාශයි - ගොවිහු පවසති

(සටහන ජායාරුප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය අර්ධද්විපයේ රතු ලුනු වගාවට සීග්‍රයෙන් පැතිරි යන ඩිස්කෝ නැමති දීලිරයක් හේතුවෙන් වගාවන් සම්පූර්ණයෙන් වැනසී යමින් ඇති බව වගාකරුවෝ පවසති.


පවතින වැසි තත්වයත් සමග මෙම දීලිරය පාලනය කර ගැනිමට නොහැකි වි ඇති බවත් මේ වන විට අක්කර දහසකට වැඩි (1000) භුමියක  රතු ලුනු වගාව කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකිව අත්හැර දැමිමට සිදුව ඇති බවත් ගොවිහු කියති.


කල්පිටිය අර්ධද්විපයට අයත් දළුව, නාවක්කාඩුව, මාන්පුරිය, නොරෝච්චෝල, ඉලන්තඩිය, එත්තාලේ, තලවිල, පල්ලිවාසල්තුරේ, පාලකුඩා , නාරක්කල්ලිය,   ඇතුළු ගම්මාන වල මෙවර අක්කර 2000 වැඩි ප්‍රමානයක රතු ලුනු වගා කර ඇති බව ගොවිහු පවසති.

ගොවින් පවසන ආකාරයට ඩිස්කෝ නැමති මෙම දීලිරය රතු ලුනු වගාවට  පැතිරි යාමත් සමග වර්ධනය සම්පුර්නයෙන් බාල කරන බවත් ඉන් පසු කිසිදු ආකාරයකින් අස්වැන්න ලබා ගැනිමට නොහැකි වී ගස මැරි විනාශ වන බව ගොවීහු කියති.


 තම රතු ලුනු වගාවන් විනාශ වු වගා කරුවකු වන කපිල සංජීව මහතා අදහස් දක්වා සිටියේ මෙවැන්නකි.


“ මේ  පවතින වැසි තත්වයත් එක්ක ඩිස්කෝ ඇවිත් රතු ලුනු වගාවන් සම්පුර්ණයෙන් විනාශ වෙලා .මේ වෙද්දි එක ගොවියකුට අඩුම තරමින් ලක්ෂ තුනකට වැඩිය පාඩුයි .ඒ කියන්නේ මේ වෙද්දි කල්පිටියේ අක්කර 1000 විතර විනාශ වෙලා .දැනට අපි හිතන විදිහට ගොවින්ට වෙලා තිබෙන පාඩුව රුපියල් කෝටි ගානක් .නමුත් කිසිම නිළධාරියකු ඇවිත් සොයා බලන්නේ නැහැ. අනිත් කාරණය තමා වෙළද පොලට යන්න තිබුන කල්පිටියේ රතු ලුනු කිලෝ ලක්ෂ ගානක් අහිමි ව යාම ඒ ගැන කිසිම අයෙක් කථා කරන්නේ නැහැ යැයි ඔහු පවසයි.


මේ පිළිබදව පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්ලියු .එම් .එස් . වන්නිනායක මහතාගෙන් කල  විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකි.


“ අපිට දැනට ඔය ගැන වාර්තා වි තිබෙනවා .අපේ පාලකුඩා ගොවිජන මධ්‍යස්ථානයේ කෘෂීකර්ම උපදේශක මහත්වරුන් දැනුවත් කරලා තියෙන්නේ. මම මේ ගැන නැවත සොයා බලන්න කියන්නම්‘‘ යනුවෙනි.



අදහස් (0)

අක්කර දහසකට වැඩි ප්‍රමාණයක රතු ලූණු වගාව විනාශයි - ගොවිහු පවසති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site