ගම්පහ දිස්ත්‍රික්කයේ අද (25) කළ වැටලීම්වලින් අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන් 192 ක් අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
ගත වු පැය විසිහතරක කාලයේදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු වී ඇත.
ගම්පහ , කැලණිය සහ මීගමුව යන ප්‍රදේශයන්හි පුද්ගලයින් වන මොවුන් විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණයේ නඩු ගොනු කර තිබියදී අධිකරණය මගහරිමින් සිටි සැකරුවෝය.
ගත වු පැය 24 ක කාලයේදී විවෘත වරෙන්තුකරුවන් 127 ක් සහ දින වරෙන්තුකරුවන් 65 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත උතුරු දිසාවබාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම් සිදු කර ඇති අතර සැකකරුවෝ හෙට (26) අදාල අධිකරණවලට ඉදරිපත් කිරීමට නියමිතය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd