බොරලැස්ගමුවේ නිවාස දෙකක ගින්නක් බොරලැස්ගමුව අබේරත්න මාවතේ එකිනෙක යාබදව පිහිටි නිවාස දෙකක් මේ වන විට ගිනි ගනිමින් තිබෙන බව බොරලැස්ගමුව පොලිසිය කියයි. 02 December 2018
ඉන්දියාවෙන් ගෙන්වු ද්විත්ව බලවේග කට්ටල කොළඹ වරායට දුම්රිය දෙපාර්තමේන්තුව ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද ද්විත්ව බලවේග කට්ටල හා එන්ජින්වල පළමු දිවිත්ව බලවේග කට්ටලය හා පළමු ඩිසල් විදුලි දුම්රිය එන්ජිම රැගත් නැව අද (2) දහවල් 12.30 ට කොළඹ වරායට බණ්ඩාරනායක ජැටියට සේන්දූ වු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 02 December 2018
උතුරු සබේ හිටපු අමාත්‍යවරිය සිදු කළ බව කියන මූල්‍ය වංචා සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ආනන්දි ශෂිදරන් මහත්මිය සිදු කළ බව කියන මුදල් වංචාවන් සෙවීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝලඩ් කුරේ මහතා විසින් පත්කරනු ලැබ තිබේ. 02 December 2018
වව්නතිව්හිදී ඝාතනය වූ අලගරත්නම්ට පොලිස් උත්තමාචාර මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේ දී ඝාතනය වු ගනේෂ් දිනේෂ් අලගරත්නම් පොලිස් නිලධාරියාගේ අවසන් කටයුතු කල්මුනේ පාන්ඩිරැප්පු පොදු සුසාන භුමියේ දී අද (2) පෙරවරු 11.00 පමණ සිදු කෙරිණි. 02 December 2018
කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ දුම්රිය මැදිරි කොළඹට ගෙන ඒම තාවකාලිකව නවත්වයි කඩුගන්නාව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පිහිටි “ ජාතික දුම්රිය කෞතුකාගාරය “ සතු ඇති පැරණි දුම්රිය මැදිරි කොළඹට රැගෙන යෑම තාවකාලිකව නැවැත්වු බව කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා පැවැසිය. 02 December 2018
උඩවලවේදී ඇත් පැටවකුට වෙඩි තියලා උඩවළව ජාතික උද්‍යානයේ සිටි අවුරුදු එකොළහක් පමණ වයසැති ඇති ඇත් පැටවෙකු උඩවලව ජලාශයේ ස්වාභාවික පිටවාන තුළදී දඩයක්කරුවකු වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇතැයි වනජීවී නිලධාරීන් පවසයි. 02 December 2018
කාසල්රි ජලාශයට තෙල් ගලා එයි ජාතික විදුලිබල පද්ධතියට විදුලි උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයට දින කිහිපයක සිට විශාල වශයෙන් තෙල් ගලා එන බව එම ජලාශ භාර ආරක්ෂක අංශ නිලධරයෝ කියා සිටිති. 02 December 2018
ලක්ෂ හයක මැණිකක් සොරා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට බේරුවල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුට අයත් රුපියල් ලක්ෂ හයහමාරක් වටිනා කැරට් හමාරක් බරැති ’’බ්ලු සපායා’’ වර්ගයේ නිල් මැණික් ගලක් සොරකම් කළ 32 හැවිරිදි සැකකරුවකු අද (2) බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 02 December 2018
ප්‍රංශ වෛද්‍යවරිය විවේකය නවතා වගකීමට උරදෙයි යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටී තුවාල ලැබු යතුරුපැදිකරුට ඒ අසලින් ගමන් ගත් විදේශිකයන් රැගත් බස් රථයක සිටි ප්‍රංශ ජාතික වෛද්‍යවරියක් වහා බස් රථය නවතාගෙන අනතුරට ලක්වු යතුරුපැදිකරුට වහා ප්‍රතිකාර ලබාදෙන අවස්ථාවක් බණ්ඩාගරම ගැලනිගම අධිවේගී පිවිසුම මාර්ගය අසලදී දැක ගත හැකිවිය. 02 December 2018
සාරිපොට එතී යතුරුපැදියේ ඇද වැටීමෙන් කතක් මරුට තම සැමියා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඇය ඇඳ සිටි සාරිපොට යතුරුපැදියේ පිටුපස රෝදයේ එති බිමට ඇද වැටීමෙන් බරපතල තුවාල ලැබු බිරිඳ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගිය බව පොලිසිය පවසයි. 02 December 2018
කොහුබත් ලොරියක් අඩි 20 ක ප්‍රපාතයකට පෙරලෙයි කොහුබත් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙමින් තිබු ලොරියක් කිලෝ මීටර් 49.4 වැලිපැන්න සමගිපුර ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ගොස් අඩි විස්සක් පමණ බෑවුමකට පෙරලී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 02 December 2018
මත්කුඩු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට විකිණීම සඳහා මත්කුඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 03ක් හා මිලිග්රැම් 350ක් සමඟ අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය පවසයි. 02 December 2018
මත්කුඩු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට විකිණීම සඳහා මත්කුඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 03ක් හා මිලිග්රැම් 350ක් සමඟ අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය පවසයි. 02 December 2018
රනිල්ට ඕනෑ පක්ෂ නායකකම රැක ගනිමින් විපක්ෂ නායක තනතුර ලබා ගැනිමයි - එස්.බී. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසංහ මහතාට අවශ්‍ය වි ඇත්තේ අග්‍රාමාත්‍ය ධුරය නැවත ලබා ගැනිම නොව දි සිටිමින් පක්ෂ නායකත්වයේ රැදි සිටිමින් විපක්ෂ නායක ධුරය ලබා ගැනිම බව මාර්ග සහ මහ මාර්ග අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පැවසිය. 01 December 2018
ග්රාමශක්ති ව්‍යාපාර වැඩසටහන්වලින් සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන් ඉවතට ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ක ක්‍රියාත්මක වන ග්රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සියලූ වැඩසටහන්වලින් දෙසැම්බර් 1 වන දින සිට සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන් සියලු දෙනා ඉන් ඉවත් වෙන බව සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය දෙසැම්බර් 1 දින දඹුල්ලේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරයි. 01 December 2018
ඉන්දියානු සංචාරකයකු මරුට හබරණ සංචාරක හෝටලයක ලැගුම්ගෙන සිටි ඉන්දියානු ජාතිකයෙකුගේ මළසිරුරක් අද(01) අලුයම හෝටලයේ පිහිනුම් තටාකයේ තිබී හමුවී ඇතැයි හබරණ පොලිසිය කියයි. 01 December 2018
බලපත් නොමැතිව විදෙස් මුදල් ළඟ තබා ගත් අයෙක් අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව විදේශීය මුදල් හුවමාරු කිරිම ළඟ තබා ගැනීම සහ දේශීය හා විදේශීය මත්පැන් සිගරට් වැඩි මිලට අලෙවි කළ පුද්ගලයකු මත්පැන් සිගරට් හා මුදල් නොට්ටු සමඟ අද (30) ගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය පවසයි. 30 November 2018
කොටුගොඩදී නීති විරෝධි මත්පැන් සහ විදේශීය දුම්වැටි තොගයක් අත් අඩංගුවට බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක තිබී වැඩි මිලට අළෙවි කළ මෙරට සහ විදේශීය නිෂ්පාදිත මත්පැන් සහ දුම්වැටි තොගයක් සමඟ මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයා අද (30) අත්අඩංගුවට ගත් බව දකුණු පළාත් විශේෂ විමර්ෂණ ඒකකය කියයි. 30 November 2018
ව්‍යාජ මුදල් නොටිටු සමඟ විශ්‍රාමික යුද හමුදා සෙබළකු අත්අඩංගුවට රුපියල් පන්සියේ ව්‍යාජ මුදල් නෝට්ටු තුනක් සහ මුද්‍රණ යන්ත්‍රයක් සමඟ විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු අද (30) කදුරුවෙල බස් නැවතුම්පළේදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි. 30 November 2018
නැගෙනහිර ඝාතනයෙන් ගාල්ල සසල වෙයි මඩකළපුව වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටියදී ඝාතනයට ලක්වු ඩබ්ලිව් ජි නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නැමති පොලිස් කොස්තාපල්වරයාගේ මරණය සම්බන්ධව අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වා සාධාරණත්වය ඉෂ්ඨ කරදෙන ලෙස පවුලේ ඥාතිහූ වගකිවයුතු බලධාරින්ගෙන් ඉල්ලීමක් කරති. 30 November 2018
උතුරේ ළමා අමාත්‍යංශයේ අවභාවිතාවක් ගැන විමර්ශනයක් අරඹයි උතුරු පළාත් වනිතා හා ළමා කටයුතු අමාත්‍යංශයේ සිදුව ඇතැයි කියන රුපියල් මිලියන 32ක මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. 30 November 2018
රත්ගම ප්‍රා. සබේත් අයවැය සම්මතයි රත්ගම ප්‍රාදේශීය සභාවේ අයවැය ඒකඡන්දයෙන් සභා සම්මත විය. 30 November 2018
සීලරතන හිමියෝ බදුලු මහ නගර සබේ නිලධාරීන්ට බැන වදිති බදුල්ල මහ නගර සභාවට අද (30) වැඩම කළ ජනසෙත පෙරමුණේ පක්ෂනායක හා මහලේකම් බත්තරමුලලේ සීලරතන හිමියන් හා එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක කැන්දගොල්ලේ විජිතානන්ද හිමියන් ඇතුළු හිමිනමක් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බැන වැදීමෙන් නිලධාරීන් අපහසුතාවයට පත්වු බව එහි නිලධාරීන් පැවසීය. 30 November 2018
මුහුදු ඛාදනයෙන් ඉලංතඩිය වෙරළ තීරය විනාශයට කාලයක පටන් සිදුවන මුහුදු ඛාදනය හේතුවෙන් කල්පිටිය නොරච්චෝල ඉලංතඩිය වෙරළ තීරය විනාශ වෙමින් පවතින බැවින් , තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව කල්පිටිය ධීවර සහ සංචාරක කර්මාන්තකරුවෝ පවසති. 30 November 2018
ඇල්ල ප්‍රාදේශීය සභාවේ අය වැය වැඩි ඡන්ද 6කින් පරාදයි ඇල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ 2019 වර්ෂයේ මංගල ප්‍රාදේශීය සභා අයවැය අද (30) වැඩි ඡන්ද හයකින් පරාජයට පත් විය. 30 November 2018
බෝපේ පෝද්දල අයවැයත් සම්මතයි බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අයවැය අද (30) වැඩි ඡන්ද තුනකින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 11ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 08 කි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. 30 November 2018
පතලක වැඩකරමින් සිටි පුද්ගලයකුගේ හිසට ගලක් කඩා වැටී මරුට බිබිල මුදියල මැණික් පතලක වැඩකරමින් සිටියදී ගලක් හිසට කඩාවැටීමෙන් එයට යටවී බරපතල තුවාල ලැබු පතල්කරුවෙකු මියගොස් ඇති බව පොලීසිය කියයි. 30 November 2018
අඟුණකොළපැලැස්සේ අයවැයත් සම්මතයි අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ 2019 වසර සඳහා වූ අයවැය ඒකමතිකව සම්මත විය. 30 November 2018
විදෙස් මුදල් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට විදේශීය සංචාරකයින්ගේ විදේශිය මුදල් හා රන් භාණ්ඩ ඇතුළු දේපල කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ කොල්ලකරුවකු අත්අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය පවසයි. 30 November 2018
හික්කඩුව මුහුදේ දිය නෑමට ගිය අයෙක් මරුට මිතුරන් පිරිසක් සමඟ මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයකුගේ මළ සිරුරක් අද (30) අලුයම හික්කඩුව වෙරළ තීරයේ තිබී සොයාගත් බව හික්කඩුව පොලිසිය පවසයි. 30 November 2018
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025