කුමාර ද සිල්වා
බේරුවල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුට අයත් රුපියල් ලක්ෂ හයහමාරක් වටිනා කැරට් හමාරක් බරැති "බ්ලු සපායා" වර්ගයේ නිල් මැණික් ගලක් සොරකම් කළ 32 හැවිරිදි සැකකරුවකු අද (2) බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මැණික් ව්‍යාපාරිකයා පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනවලින් පසුව සැකකාර පුද්ගලයා සහ එම මැණික් ගල මහරගම ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයට උකස් කර තිබියදී සොයා ගෙන තිබේ.
මැණික් ව්‍යාපාරිකයා විසින් එම මැණික ඇතුළු මැණික් තොගයක් සිය නිවසේ දී ගැනුම්කරුවන් පිරිසකට පෙන්වමින් සිටියදී සැකකරු එම මැණික සොරකම් කර තිබෙන බව අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (2) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd