IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ග්‍රාමශක්ති ව්‍යාපාර වැඩසටහන්වලින් සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන් ඉවතට

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ක ක්‍රියාත්මක වන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සියලූ වැඩසටහන්වලින් දෙසැම්බර් 1 වන දින සිට සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන් සියලු දෙනා ඉන් ඉවත් වෙන බව සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය දෙසැම්බර් 1 දින දඹුල්ලේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරයි.


සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ තම සංගමයේ නිලධාරීන්ට ගමන් වියදම් දීමනා ලබා නොදීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹි බවය.


එහි ප්‍රධාන ලේකම්  අනුරාධ සෙනවිරත්න මහතා මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ  දීවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ජනතාවගේ සංවර්ධනය සඳහා ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය නමින් වැඩසටහනක් ‍ක්‍රිරියාත්මක කර තිබෙන බවය. ඒ අනුව තමන්ට ගමන් වියදම් ලබා දෙන ලෙස ඉල්ලීම් කළ ද මෙතෙක් ඒ සඳහා කිසිදු අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගත් බව හෙතෙම පැවසීය.


නැවත ගමන් වියදම් දීමනාවක් ලබා දෙන තුරු මෙම වැඩසටහනින් සම්පුර්ණයෙන්ම දිවයින පුරා විසිරී සිටින සංවර්ධන නිලධාරීන් ඉන් ඉවත් ව කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.


 එමෙන්ම එහි ලේකම් වී .ඒ .පි .බස්නායක මහතා කියා සිටියේ දැනට සංවර්ධන නිලධාරීන් සඳහා යම්කිසි දීමනාවක් ලබා දී තිබෙන නමුත් එම ලබාදී ඇති මුදල් ද නැවතත් රජය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවය.

එමෙන්ම එම මුදල් නැවත රජයට ගෙවීම සඳහා සංවර්ධන නිලධාරීන්ට තම අත කනකර බඩු පවා උගස් තැබීමට සිදුව තිබෙන බවද ඔහු සඳහන් කළේය. ඒ නිසා දෙසැම්බර් පළමුවැනිදා සිට දීමනාව ලැබෙනතුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපතිවරයාගේ නියමයෙන් යුතුව ක්‍රියාත්මක  ග්‍රාමශක්ති ජනතා සංවර්ධන ව්‍යාපාරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බවය.



අදහස් (0)

ග්‍රාමශක්ති ව්‍යාපාර වැඩසටහන්වලින් සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site