ප්‍රසන්න පත්මසිරි
බදුල්ල මහ නගර සභාවට අද (30) වැඩම කළ ජනසෙත පෙරමුණේ පක්ෂනායක හා මහලේකම් බත්තරමුලලේ සීලරතන හිමියන් හා එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක කැන්දගොල්ලේ විජිතානන්ද හිමියන් ඇතුළු හිමිනමක් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බැන වැදීමෙන් නිලධාරීන් අපහසුතාවයට පත්වු බව එහි නිලධාරීන් පැවසීය.
බදුල්ල නගරයේ වෙලේකඩේ ප්‍රදේශයේ දී අද (30) ජනසෙත පෙරමුණේ දේශපාලන රැස්වීමක් සඳහා භුමිය නගර සභාව මගින් ලබා නොදුන්නැයි කියමින් හිමියන් තිදෙනා නිලධාරීන්ට බැන වදිමින් කාර්යාලයේ විනාඩි 35ක පමණ කාලයක් හැසිර තිබේ.
සිද්ධිය සම්බන්දයෙන් ජනසෙත පෙරමුණේ පක්ෂනායක හා මහලේකම් බත්තරමුලලේ සීලරතන හිමියන්ගෙන් විමසු විට මෙසේ පැවසුහ.
බදුල්ල වෙලේකඩේ ප්‍රදේශයේ රැස්වීමක් කරන්න භූමිය ඉල්ලා නගර සභාවට ලිපියක් අපි දුන්නා. අද මම රැස්වීමට ආපුවාම භුමිය ලබාදීලා නෑ.නගර සභාව පොලීසියට ලිපියක් යොමුකරලා භුමිය දෙන්න පුළුවන් ද කියලා අහලා තියෙනවා. නගර සභාවේ රාජකාරී පොලීසියට පවරන්නේ ඇයි. මේක මහා අසාධාරණයක් බව හිමියෝ පැවසුහ.
බදුල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස් ටී.ගජේන්ද්‍රකුමාර් මහතාගෙන් විමසුවිට මෙසේ කීය.
ජනසෙත රෙමුණේ රැස්වීමක් වෙලේකඩේ පවත්වන්න භුමිය ඉල්ලා 2018.11.27 දින ලිපියක් ෆැක්ස් මගින් යොමුකර තිබුණා. මේ ඉල්ලන තැන බදුල්ල මහාධිකරණය,විශාකා බාලිකා විදුහල තියෙනවා,පාසලේ විභාගයත් මේ දිනවල පවත්වනවා මේ ස්ථානය දෙන්නනම් පොලීසියේ අනුමැතිය තිබිය යුතුයි. අපි ලිපිය ලැබුණ 27 දින අනුමැතිය ඉල්ලා පොලීසියට ලිපියක් යොමුකලා අද දින හිමිවරුන් තුන්නමක් කාර්යාලයට පැමිණ නිළධාරීන්ට අමානුෂික ලෙස කතාකරමින් අවිනීත විදියට හැසුරුණ බව කීය.




2025 දෙසැම්බර් මස 18
308
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීලරතන හිමියෝ බදුලු මහ නගර සබේ නිලධාරීන්ට බැන වදිති