( චමිල් රූපසිංහ)
කඩුගන්නාව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පිහිටි “ ජාතික දුම්රිය කෞතුකාගාරය “ සතු ඇති පැරණි දුම්රිය මැදිරි කොළඹට රැගෙන යෑම තාවකාලිකව නැවැත්වු බව කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා පැවැසිය.
කඩුගන්නාව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පිහිටි “ ජාතික දුම්රිය කෞතුකාගාරය “ සතු ඇති පැරණි දුම්රිය මැදිරි කොළඹ ප්‍රදේශයට ගෙන යෑමට විරෝධය පා කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි කරුවන් හා කඩුගන්නාව නගරසභාවේ මන්ත්‍රීවරුන් පසුගිය මස 26 වැනිදා විරෝධතාවක නියැලුණහ.
2014 වසරේදි මෙම ජාතික දුම්රිය කෞතුකාගාරය එවකට ඇමැතිවරුව සිටි කුමාර වෙල්ගම, රෝහණ දිසානායක හා යටිනුවර එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රි අර්ල් ගුණසේකර යන මහත්වරුන් විසින් ප්‍රථම දුම්රිය ගමනට වසර 150 ක් පිරීම නිමිත්තෙන් මෙම ජාතික දුම්රිය කෞතුකාගාරය කඩුගන්නාව දුම්රිය පරිශ්‍රයේදි විවෘත කළේය.
මෙම කෞතුකාගාරයේ ඇති දුම්රිය මැදිරි ඉවත් කිරිමට යාමේදි දුම්රිය මැදිරි වලට දැඩි ලෙස අලාභහානි සිදුවු අතර එම අලාභයන් තක්සේරු කිරිම සදහා පසුගියදා ( 30) දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඉහළ නිළධාරියෙක් පැමිණ විමර්ශන කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd