එම්. සුනිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික
මිතුරන් පිරිසක් සමඟ මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයකුගේ මළ සිරුරක් අද (30) අලුයම හික්කඩුව වෙරළ තීරයේ තිබී සොයාගත් බව හික්කඩුව පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හික්කඩුව සංචාරක හෝටලය සේවයේ නියුතුව සිටි පානදුර පදිංචි අයේෂ් නිමේෂ නැමැති 25 හැවිරිදි තරුණයෙකි.
ඊයේ(29) රාත්‍රියේ මිතුරන් පිරිසක් සමඟ හික්කඩුව වෙරළ තීරයේ රාත්‍රී සාදයක් පවත්වා මුහුදේ දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලී ඇතැයි පොලිසිය පවසයි.
තරුණයාගේ මළ සිරුර බලපිටිය මූලික රෝහලට යවා ඇත.
හික්කඩුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd