බිමල් ශ්‍යාමන් ජයසිංහ
කොහුබත් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙමින් තිබු ලොරියක් කිලෝ මීටර් 49.4 වැලිපැන්න සමගිපුර ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ගොස් අඩි විස්සක් පමණ බෑවුමකට පෙරලී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
සිදුවු අනතුරින් රියදුරු හා සහායකගේ ජිවිත බේරාගෙන ඇති බවත් සහයකගේ පාදයත් ආබාධයකට ලක්වී ඇතැයි පොලිසිය කියයි.
ගාල්ල සිට කුරුණෑගල දක්වා කොහුබත් ප්‍රවාහනය කරමින් සිටියදි ලොරි රියදුරුට නින්ද ගොස් වම්පස ආරක්ෂිත යකඩ වැටෙහි ගැටී මෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd