IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රනිල්ට ඕනෑ පක්ෂ නායකකම රැක ගනිමින් විපක්ෂ නායක තනතුර ලබා ගැනිමයි - එස්.බී.

(හැටන් රංජිත් රාජපක්ෂ)                       
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසංහ මහතාට අවශ්‍ය වි ඇත්තේ අග්‍රාමාත්‍ය ධුරය නැවත ලබා ගැනිම නොව දි සිටිමින් පක්ෂ නායකත්වයේ රැදි සිටිමින් විපක්ෂ නායක ධුරය ලබා ගැනිම බව  මාර්ග සහ මහ මාර්ග අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පැවසිය.


එස්.බි.දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ  අමාත්‍යයවරයාව පිලිගැනිම සදහා මස්කෙලිය ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සමාජිකයන් අද (01) ගිනිගත්හේන අභිනවාරාම විහරස්ථාන ශාලාවේ පැවති පිලිගැනිමේ උත්සවයකට සහභගි වෙමිනි.


මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස්.බි දිසානායක අමාත්‍යයවරයා කියා සිටියේ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදි වසර 25  මේ රටේ විපක්ෂ නායක ධුරය දැරු රනිල් වික්‍රමසිංහ මහතාට යලිත් මේ රටේ විපක්ෂ නායක ධුරය ලබා දිය හැකි බවයි.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විපක්ෂයේ මන්ත්‍රිවරුන් සමග කොතරම්  සාකච්ඡා පැවැත්වුවත් ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගය ලැබෙන තෙක් කිසිදු තීරණයකට එළඹෙන්නේ නැති බව ද එස්.බි දිසානායක මහතා කීවේය.
එස්.බී. දිසානායක මහතා පිලිගැනිමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු මහ මැතිවරණයකට යාමට අවශ්‍ය වුවහොත් මහ මැතිවරණයකට යන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව පැමිණිලි පාර්ශවයට තින්දුව ලැබුණහොත් තවත් වසර දෙකක් යනතුරු අග්‍රමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාතයය ධුරයෙන් මේ රජය තවත්  වසර දෙකක් පාලනය කරන බවයි .


මෙම පිලිගැනීමේ උත්සවයේදි වතුකරය නියෝජන කර විවිධ වෘත්තිය සමිති ගණනාවක සාමාජිකයෝ විශාල පිරිසක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සහයෝගය දැක්විමට එක්වූහ.


මෙම පිලිගැනිමේ උත්සවය මස්කෙලිය ආසනයේ ශ්‍රි ලංකා නිහස් පක්ෂ සංවිධායක ඩබ්ලිව්.ජි.රණසිංහ මහතා විසින් සංවිධානය කර තිබුණි.



අදහස් (3)

රනිල්ට ඕනෑ පක්ෂ නායකකම රැක ගනිමින් විපක්ෂ නායක තනතුර ලබා ගැනිමයි - එස්.බී.

shan saudi Saturday, 01 December 2018 02:38 PM

එතකොට ඔය කියන රැලට ඕනේ ආණ්ඩුවක් බලෙන් හරි බලය ලබාගෙන පසුගිය වසර 10 රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් හොරකම් කරගන බැංකුවල පුරෝගන හා තියන නඩුත් සේරම ඉවත් කර ගැනීම සදහා පමණයි........... නැතිව රටට හෝ ජාතියට ආගමට තියන කිසිම කැක්කුමකට නොවේ

:       0       1

Dayan Saturday, 01 December 2018 03:21 PM

මේ වගේ බොරුකාරයෙක් ලෝකෙම නෑ. මේ කතා පිළිගන්න එපා.

:       0       1

sujith siranjeewa Wednesday, 05 December 2018 02:42 AM

මේ වගේ අයට ලබන ඡන්දයේදී පිළිතුරු ලබා දේවි ඡන්ද දායකයෝ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site