ඩබ්.ඒ.පියතිලක
රුපියල් පන්සියේ ව්‍යාජ මුදල් නෝට්ටු තුනක් සහ මුද්‍රණ යන්ත‍්‍රයක් සමඟ විශ්රාමික යුද හමුදා සෙබළෙකු අද (30) කදුරුවෙල බස් නැවතුම්පළේදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්ව ඇත්තේ කදුරුවෙල බස් නැවතුම්පොළ තුළ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් අනුව බව පොලිසියි පවසයි.
සැකකරු පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී එකම අංක සහිත ව්‍යාජ රුපියල් පන්සියේ නොටිටු කොල තුනක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් හමුදා සෙබළාගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමට යොදා ගත් මුදුණ යන්ත‍්‍රයක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (30) පොලොන්නරුව අධිකරණය වෙත ඉදිරිපත් කළ බව පොලිසිය පැවැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd