(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ආනන්දි ශෂිදරන් මහත්මිය සිදු කළ බව කියන මුදල් වංචාවන් සෙවීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝලඩ් කුරේ මහතා විසින් පත්කරනු ලැබ තිබේ.
හිටපු කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය විසින් සිදු කළා යැයි පැවසෙන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සි.වි. කේ. ශිවඥානම් මහතා ලබා දුන් ලිඛිත පැමිණිල්ලක් අනුව ආණ්ඩුකාරවරයා මෙම පියවර ගෙන තිබේ.
ආනන්දි ශෂිදරන් හිටපු අමාත්‍යවරිය විසින් උතුරු පළාත තුළ වකුගඩු රෝගීන්සහ හෘද රෝගීන් සඳහා සහන සැලසීමට පිහිටුවා ඇති අරමුදලෙන් මුදල් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
අදාල ලිඛිත පැමිණිල්ල සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රී පුද්ගල කමිටුවක් පත් කිරීමට පියවර ගත් බවටත් , අදාල මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ඉදිරි සති දෙක ඇතුළත ලැබීමට නියමිත බවටත් එම වාර්තා අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම හෝ නොගැනීම සිදු කරනු ලබන බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
උතුරු සබේ හිටපු අමාත්‍යවරිය සිදු කළ බව කියන මූල්‍ය වංචා සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්