(ශාන්ත චන්ද්‍රසිරි)
තම දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලා උඩරට වතුකරයේ වතු රැසක වතුකම්කරුවෝ අද (26) වැඩ වර්ජනයක නිරතවුහ.
නුවරඑළිය, ආගරපතන, කොටගල, නෝවුඩ්, මස්කෙළිය, අඹගමුව යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල හා හැටන් - දික්ඔය, තලවකැලේ- ලිඳුල, නුවරඑළිය යන නගර සභා බල ප්‍රදේශවල පිහිටි වතුවල වතුකම්කරුවෝ මෙලෙස වැඩවර්ජනයේ නිරත වෙති.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ දැනට ලැබෙන දෛනික වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නැතැයි පවසන වතුකම්කරුවන් නව රජයෙන් හා වතු සමාගම් මැදිහත්ව කඩිනමින් දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර ලබා දීමට වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd