(දයාරත්න ඇඹෝගම)
රාජාංගනය යාය 04 ද්විත්ව බෝක්කුව අසළ වෙල් යායක මිය ගොස් සිටි 58 හැවිරිදි ගොවියකුගේ මළ සිරුරක් සොයා ගත් බව තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කේ. එල්. ජී. සෝමවර්ධන (58) නැමැති ගොවි මහතෙකි.
නිවසට නොපැමිණි බව පවසමින් මිය ගිය අයගේ පුත්‍රයා විසින් තඹුත්තේගම පොලිසියට කළ පැමිණිල්ලක් මත පොලිසිය හා ගම්වාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී මළ සිරුර හමුවී ඇත.
හෘදයාබාධයකින් හෝ සර්පයකුගේ දෂ්ඨ කිරිමක් හේතුවෙන් මෙම පුද්ගලයා මිය යන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd