(ඉන්දිකා රාමනායක)
ඉන්ධන ප‍්‍රවාහන කරන දුම්රියක එන්ජිමේ සිටි රියදුරුට හා සහයකට කොලොන්නාව තෙල් සංස්ථාන ඉදිරිපිට දුම්රිය මාර්ගයේ දී අද (26) පස්වරුවේ කිසියම් පිරිසක් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.
මෙම දුම්රිය ඉන්ධන ලබා ගැනීම සදහා අද පස්වරු 2.30 ට පමණ කොලොන්නාව තෙල් සංස්ථාන බලා ධාවනය වෙමින් තිබියදී මෙම සිද්ධිය සිදුව ඇති බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd