IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සුවසැරිය ගිලන් රථ සේවය දිවයින පුරා

(නිමල කොඩිතුවක්කු)

1990 සුවසැරිය හදිසි ගිලන් රථ සේවය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දියානු ප‍්‍රදාන යටතේ උතුරු පළාත ඇතුළු පළාත් 07ක මේ වනවිට එම සේවාව ක‍්‍රියාත්මක වේ.

සබරගමුව හා නැගෙනහිර පළාත්වලද මෙම සේවාව ඉතා ඉක්මණින් ක‍්‍රියාත්මක කරන බව මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් මත මෙම හදිසි ගිලන් රථ සේවය 2016 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.56ක ඉන්දියානු ප‍්‍රදානයක් යටතේ ආරම්භ විය.

බස්නාහිර සහ දකුණු පළාත්වලින් ආරම්භ කෙරුණු එම සේවය සඳහා  ගිලන් රථ 88ක් වසරක් සඳහා මෙහෙයුම් වියදම් සහ හදිසි ප‍්‍රතිචාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම එම ව්‍යාපෘතියට අයත් වේ.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ පොරොන්දුවක් මත මෙම සේවාව දිවයින පුරා ව්‍යාප්ත කිරීමට පියවර ගත් අතර ඒ අනුව පළාත් හත සඳහා ගිලන් රථ 209ක්, වසරක් සඳහා පුහුණු කිරීමේ වියදම් සහ මෙහෙයුම් වියදම් ඇතුළත් ඇමරිකානු ඩොලර් මිලියන 15.02ක අමතර ප‍්‍රදානයක් සිදු කෙරිණ.



අදහස් (0)

සුවසැරිය ගිලන් රථ සේවය දිවයින පුරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site