IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කඩ කාමරය ඉවත් කළැයි සත්‍යග්‍රහයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නාත්තන්ඩිය නගරයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයක් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව විසින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ව්‍යාපාරිකයෙකු තම දරු පවුල සමඟ අද( 29) පෙරවරුවේ සිට සත්‍යග්‍රහයක්  අරඹා  ඇතැයි පොලිසිය පවසයි.

නාත්තන්ඩිය නගරයේ හැමිල්ටන්  ඇළ ආසන්නයේ මෙම සත්‍යග්‍රහය අරඹා  ඇත.

නාත්තන්ඩිය  පරාක්‍රම මාවතේ පදිංචි වේරගොඩ විදානපතිරනලාගේ ජයසේකර නැමැති 51 හැවිරිදි  පුද්ගලයකු   මෙලෙස සත්‍යග්‍රහයේ නිරතව සිටී.

නාත්තන්ඩිය නගයේ හැමිල්ටන් ඇලට ආසන්නයෙන් තමන් විසින් වසර 25 ක පමණ කාලයක් ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන ගිය බවත්, ඒ සදහා වන කුලී මුදල මාසිකව නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවට ගෙවා තිබියදීත්  මෙලෙස  වෙළඳසල ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි  ඔහු පවසයි.

තමන්ට සාධාරණයක් ඉටු නොවන්නේ නම් සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක්  දක්වා ගෙන යන බවද  හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ලේකම් කේ.ඩී.චන්දන කුමාර මහතාගෙන් විමසු  විට පැවසුයේ    මෙවැන්නකි.

"නාත්තන්ඩිය නගරයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට සභාව තීරණය කළා. ඒ නගරයේ අලංකාර කටයුතු වෙනුවෙන්. ඒ අනුව නාත්තන්ඩිය නගරයේ හැමිල්ටන් ඇලට යාබදව අනවසරයෙන් පවත්වා ගෙන ගිය ව්‍යාපාරික ස්ථාන 11 ක් පසුගිය 24 වැනිදා ඉවත් කළා.

මෙම ව්‍යාපාරික ස්ථාන පවත්වා ගෙන ගිය අයට නාත්තන්ඩිය නගරයේ ඉදිකරන ලද පොදු වෙළද සංකීර්ණයේ පහත මාලයේ කඩ කාමර ලබා දීමට සභාව තීරණය  කරලා තියෙනවා. එමෙන්ම හැමිලටන් ඇළට යාබදව පවත්වාගෙන ගිය අනවසර ව්‍යාපාරික  ස්ථාන වෙනත් අයට කුලී පදනම මත ලබා දී ඇති අයට පොදු වෙළද සංකර්ණයේ උඩු මහළේ කඩ කාමර ලබා දීමටත් සභාව තීරණය කරලා තියෙනවා."



අදහස් (0)

කඩ කාමරය ඉවත් කළැයි සත්‍යග්‍රහයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site