(මොහොමඩ් ආසික්)
හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ අද (29) පැවැති මාසික මහ සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී විජිත කුමාර නඳුන්ගේ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව නිසා සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විය.
හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් බරිගම පිහිටි ප්‍රාදේශිය සභා රැස්වීම් ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණ.
සභා රැස්වීම අතර තුර ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන පො.ජ.පෙ මන්ත්‍රී විජිත කුමාර නඳුන්ගේ මහතා වර්තමානයේ සියලු අර්බුදවලට හේතුව මහ මැතිවරණයක් නොපැවැත්වීම බවත් එයට අතීතයේ ජවිපේ සාමාජිතකයින් අමු අමුවේ මරා දැමූ අයට වත්මන් ජවිපෙ නායකයින් සාහාය දක්වන බැවින් එයට සම්බන්ධ වූවන් විනාශ විය යුතු බවට කළ ප්‍රාර්ථනාව සතිහ ප්‍රකාශය නිසා මෙම උණුසුම් තත්ත්වය ඇති විය.
මෙහිදී අදහස් දැක්වූ එජාප මන්ත්‍රීවරුන් වන තිලක් රණසිංහ සහ ලලිත් රණරාජා යන මහත්වරුන් සඳහන් කළේ, කතා කරන්නේ නම් නමන්ටද කතා කරන්න කරුණු ඇති බවත් ප්‍රාදේශිය සභාවක් හැටියට ජනතාවට අවශ්‍ය දේ පමණක් කතා කරන ලෙසත්ය.
කෙසේ නමුත් ජවිපෙ මන්ත්‍රී ඩබ්ලිව් ජී.ජයතිස්ස මහතා අදහස් දක්වමින් විජිත කුමාර නඳුන්ගේ මහතා ජවිපෙට කළ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් අදහස් දැක්වීම නිසා සභාවේ යළිත් උණුසුම් තත්වයක් ඇති වූ අතර මෙම උණුසුම් තත්වය හමුවේ එජාප මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව යන අයුරු දැකිය හැකිවිය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි