රොමේෂ් මධුෂංඛ
වව්නියාව ඕමන්ත ප්‍රදේශයේ දී සෝදිසි මුර සංචාරයේ නිරත වූ යුද හමුදා පිරිකට දඩයක්කරුවන් විසින් තබන ලද බඳින තුවක්කුවක් පත්තු වී යුද හමුදා සෙබලෙකු බරපතල තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති බවට යුද හමුදාව කියා සිටියේය.
යුද හමුදා සෙබළුන් විසින් ඕමන්ත 17 වැනි සිංහ රෙජිමේන්තුව අවට ප්‍රදේශයේ මුර සංචාරයක නිරත වූ අවස්ථාවේදී දඩයක්කරුවෙකු විසින් සතුන්ට අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවී යුද හමුදා සෙබලා තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ඕමන්ත 17 වැනි සිංහ රෙජිමේන්තුවේ සේවයේ නිරත ලාන්ස් කෝප්‍රල් ජයසේන නැමති හමුදා සෙබලෙකි.
වෙඩි වැදීමෙන් යුද හමුදා සෙබලාගේ කලවා ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති බවට වව්නියාව රෝහල් නිලධාරියෙකු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd