IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බඳින තුවක්කුවක් පත්තු වී හමුදා සෙබලෙක්ට තුවාල

රොමේෂ් මධුෂංඛ
            
වව්නියාව ඕමන්ත ප්‍රදේශයේ දී සෝදිසි මුර සංචාරයේ නිරත වූ යුද හමුදා පිරිකට දඩයක්කරුවන් විසින් තබන ලද බඳින තුවක්කුවක් පත්තු වී යුද හමුදා සෙබලෙකු බරපතල තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති බවට යුද හමුදාව කියා සිටියේය.

යුද හමුදා සෙබළුන් විසින් ඕමන්ත 17 වැනි සිංහ රෙජිමේන්තුව අවට ප්‍රදේශයේ මුර සංචාරයක නිරත වූ අවස්ථාවේදී දඩයක්කරුවෙකු විසින් සතුන්ට අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවී යුද හමුදා සෙබලා තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ඕමන්ත 17 වැනි සිංහ රෙජිමේන්තුවේ සේවයේ නිරත ලාන්ස් කෝප්‍රල් ජයසේන නැමති හමුදා සෙබලෙකි. 

වෙඩි වැදීමෙන් යුද හමුදා සෙබලාගේ කලවා ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති බවට වව්නියාව රෝහල් නිලධාරියෙකු කියා සිටියේය.
 



අදහස් (0)

බඳින තුවක්කුවක් පත්තු වී හමුදා සෙබලෙක්ට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site