(මනෝප‍්‍රිය ගුණසේකර)
පුද්ගලයකු ඝාතනය කිරීමේ හා හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින් පස්දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (28) මරණ දඩුවම් නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් වෙන වෙනම පවරා තිබූ නඩු දෙකකට අදාල චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස මරණ දඩුවම නියම කරන ලද්දේ කොළඹ මෝදර හා මිරිහාන ප‍්‍රදේශවල පදිංචිකරුවන් පස්දෙනකුටය.
1996 පෙබරවාරී මස 16 වැනිදා මිරිහාන ප‍්‍රදේශයේදී කේ.ඒ. රංජිත් ප‍්‍රනාන්දු නැමැත්තාගේ මරණය සිදුකළ බවට කේ.ඒ. ප‍්‍රදීප් ජයලාල් හෙවත් චුටි, එම්. පද්මසිරි අල්විස්, ජේ.ඒ. ඩුබී අල්විස් සහ කේ.ඒ. අනුර ජයන්ත නැමැත්තන්නට එරෙහිව ද, 2013 අපේ‍්‍රල් මස 10 වැනිදා මෝදර ප‍්‍රදේශයේදී හොරොයින් ග‍්‍රෑම් 37.76 ක් ළග තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාව මත ඩබ්. ඒ. ජයසේන නැමැත්තාට එරෙහිව ද, නීතිපතිවරයා විසින් වෙන වෙනම නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් වූ නඩු දීර්ඝ වශයෙන් විභාග කළ අතර නඩු විභාගයන් අවසානයේදී මිනීමැරුම් නඩුවේ විත්කරුවන්ට එරෙහි චෝදනා මෙන්ම හෙරොයින් නඩුවේ විත්කරුට එරෙහි චෝදනා ද, පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන් පස්දෙනාටම මරණ දඩුවම නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1996 දී දාපු නඩුවට 2018 දෙසම්බරේ තීන්දුව , හරිම කාර්යක්ෂම උසාවියක් . අවරුදු 22 ක් ම නඩුව ඇහුවද? අවරුදු 50 කින් විතර තීන්දුව දුන්න නම් පෙරකදෝරු මහත්තුරු ගොඩක් සන්තෝස වේවි.