IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ 5 දෙනෙකුට මරණ දඩුවම්

(මනෝප‍්‍රිය ගුණසේකර)

පුද්ගලයකු ඝාතනය කිරීමේ හා හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින් පස්දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද  (28)  මරණ දඩුවම් නියම කළේය.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් වෙන වෙනම පවරා තිබූ නඩු දෙකකට අදාල චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස මරණ දඩුවම නියම කරන ලද්දේ කොළඹ මෝදර හා මිරිහාන ප‍්‍රදේශවල පදිංචිකරුවන්  පස්දෙනකුටය.

1996 පෙබරවාරී මස 16 වැනිදා මිරිහාන ප‍්‍රදේශයේදී කේ.ඒ. රංජිත් ප‍්‍රනාන්දු නැමැත්තාගේ මරණය සිදුකළ බවට කේ.ඒ. ප‍්‍රදීප් ජයලාල් හෙවත් චුටි, එම්. පද්මසිරි අල්විස්, ජේ.ඒ. ඩුබී අල්විස් සහ කේ.ඒ. අනුර ජයන්ත නැමැත්තන්නට එරෙහිව ද, 2013 අපේ‍්‍රල් මස 10 වැනිදා මෝදර ප‍්‍රදේශයේදී හොරොයින් ග‍්‍රෑම් 37.76 ක් ළග තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාව මත ඩබ්. ඒ. ජයසේන නැමැත්තාට එරෙහිව ද, නීතිපතිවරයා විසින් වෙන වෙනම නඩු පවරා තිබිණි. 

මේ සම්බන්ධයෙන් වූ නඩු දීර්ඝ වශයෙන් විභාග කළ අතර නඩු විභාගයන් අවසානයේදී මිනීමැරුම් නඩුවේ විත්කරුවන්ට එරෙහි චෝදනා මෙන්ම හෙරොයින් නඩුවේ විත්කරුට එරෙහි චෝදනා ද, පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන් පස්දෙනාටම මරණ දඩුවම නියම කළේය. 
 

 



අදහස් (1)

පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ 5 දෙනෙකුට මරණ දඩුවම්

chaminda Saturday, 01 December 2018 09:19 AM

1996 දී දාපු නඩුවට 2018 දෙසම්බරේ තීන්දුව , හරිම කාර්යක්ෂම උසාවියක් . අවරුදු 22 ක් ම නඩුව ඇහුවද? අවරුදු 50 කින් විතර තීන්දුව දුන්න නම් පෙරකදෝරු මහත්තුරු ගොඩක් සන්තෝස වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31915 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14372 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11197 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 8 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 259 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1205 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site