(දයාරත්න ඇඹෝගම)
තම වී වගාවට අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා මුදල් ගොවි නියාමකවරයාට ලබාදී සති කිහිපයක් ගත වුවද මෙතෙක් තමන්ට පොහොර ලබා නොදීම හේතුවෙන් වැපුරූ ගොයමට පොහොර යොදා ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින බව හොරොව්පොතාන ගොවිහු පවසති.
තමන් මුහුණපා ඇති දුෂ්කරතාවය පිළිබඳව අදහස් දක්වමින් හොරොව්පොතාන අන්දරවැව ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික එස්.හාජිදින් මහතා මෙසේ පැවසීය.
හොරොව්පොතාන 117 තුලානේ වලහාවිද්දවැව,අන්දරවැව පැත්තේ මහකන්නයේ දැන් කුඹුරු අක්කර පන්සියකට කිට්ටුව වී වපුරලා තියෙනවා.
දැන් වපුරලාත් දවස් 15,20 ක් ගතවුණා.පොහොර වලට සල්ලි ගොවි නියාමකට බැදලා දැන් සති ගාණක් වෙනවා. තාමත් පොහොර නැහැ. දැන් යුරියා,මඩ පොහොර ගොයමට දාන්න ඔනේ වේලාව. තවත් පහු වුණොත් වැඩක් වෙන්නේ නැහැ.වෙච්ච මහන්සියෙන්.
අපි ගොවියෝ විදියට ඉල්ලා හිටින්නේ කලට වේලාවට පොහොර ටික දෙන්න කියලයි.
මේ සම්බන්ධයෙන් අප ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර කොමසාරිස් අසංක සෝමවංශ මහතා ගෙන් අද (29) කළ විමසුමේදී හෙතෙම මෙසේ පැවසීය.
රට පුරාම මඩ පොහොර හිඟයක් තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි ජාතික පොහොර ලේකම් කාර්යාලය දැනුවත් කර තිබෙනවා. මේවන විට පොහොර පටවා ගත් නැව දිවයිනට ළඟා වෙමින් තිබෙන බව මේ සම්බන්ධයෙන් අහපු වේලාවේ ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් දැනුම් දුන්නා.
තවත් දින කිහිපයක් තුළ පොහොර හිඟය අවසන් වෙයි.
අනෙකුත් පොහොරවල හිඟයක් නොමැති බවද මෙහිදි සහකාර කොමසාරිස්වරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොර ලබා නොදීමෙන් හොරොව්පොතාන ගොවියෝ අමාරුවේ