කේ බුද්ධික කුමාරසිරි
ඉංගිරිය - පාදුක්ක මාර්ගයේ හඳපාන්ගොඩ මංසන්ධිය ආසන්නයේදී මාර්ගයේ අද (3) උදෑසන නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටුණු යතුරුපැදිකරුවෙකු බරපතල තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය පවසයි.
බුලත්සිංහල ප‍්‍රදේශයේ සිට දර පටවාගෙන පාදුක්ක දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයෙහි රියදුරුට ලොරි රථයට පිටුපස මාර්ගය නිසි ලෙස දර්ශනය වීම සඳහා පැති කණ්ණාඩිය සකස් කිරීමට ලොරි රථය නවතා තිබියදී එක්වරම පිටුපසින් පැමිණ යතුරුපැදියක් ලොරි රථයෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ පොල්ගස්ඕවිට අළුත්ගෙදර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එච්. සුනිල් අරුණසිරි නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd