(දයාරත්න ඇඹෝගම)
බාලවයස්කාර දැරියක් ගැබිණියක් බවට පත්කළ විවාහක හිටපු නාවික හමුදා භටයකු පහලවැටියාවේ දී අද (2) අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චිචියාගම පහළවැටියාවේ පදිංචි විවාහක 35 හැවිරිදි හිටපු නාවික හමුදා භටයෙකි.
ඔහු නිසා ගැබිණියක් බවට පත්වු 14 හැවිරිදි දැරියත් පහලවැටියාව ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය පවසයි.
මෙම නාවික හමුදා භටයාගේ හය හැවිරිදි දියණිය බලා ගන්නා ලද්දේ මෙම 14 හැවිරිදි දැරිය විසිනි.
පසුගිය කාලයක මෙම හිටපු නාවික හමුදා භටයා දැරියට මරණිය තර්ජනය කර ඇය දුෂණයට ලක්කර තිබු බව පොලිසිය කියයි.
දිගින් දිගටම ඇය රෝගාතුරවීම නිසා අනුරාධපුර නගරයේ පෞද්ගලික වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර ලබාගැනිමට ගිය අවස්ථාවකදී ඇය මාස තුනක ගැබිණියක් බවට අනාවරණය වී තිබේ.
සැකකාර නාවික හමුදා භටයා දෙසැම්බර් 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd