(දයාරත්න ඇඹෝගම)
බාලවයස්කාර දැරියක් ගැබිණියක් බවට පත්කළ විවාහක හිටපු නාවික හමුදා භටයකු පහලවැටියාවේ දී අද (2) අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චිචියාගම පහළවැටියාවේ පදිංචි විවාහක 35 හැවිරිදි හිටපු නාවික හමුදා භටයෙකි.
ඔහු නිසා ගැබිණියක් බවට පත්වු 14 හැවිරිදි දැරියත් පහලවැටියාව ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය පවසයි.
මෙම නාවික හමුදා භටයාගේ හය හැවිරිදි දියණිය බලා ගන්නා ලද්දේ මෙම 14 හැවිරිදි දැරිය විසිනි.
පසුගිය කාලයක මෙම හිටපු නාවික හමුදා භටයා දැරියට මරණිය තර්ජනය කර ඇය දුෂණයට ලක්කර තිබු බව පොලිසිය කියයි.
දිගින් දිගටම ඇය රෝගාතුරවීම නිසා අනුරාධපුර නගරයේ පෞද්ගලික වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර ලබාගැනිමට ගිය අවස්ථාවකදී ඇය මාස තුනක ගැබිණියක් බවට අනාවරණය වී තිබේ.
සැකකාර නාවික හමුදා භටයා දෙසැම්බර් 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බාලවයස්කාර දැරිය ගැබිණියක් කළ හමුදා භටයා රිමාන්ඩ්