රවී ලියනගේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ලේ සිට බත්තරමුල්ල දක්වා ගමන් කරනු ලැබූ බස් රථ දෙකකට පිටකොටුව තෙක් ධාවනයට ගමන් අවසර පත් දීර්ඝ කිරීමට විරෝධය පළ කරමින් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන සුඛෝපභෝගී බස් රථ සේවකයින් අද (3) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කළේය.
ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය කරනු ලබන බස්රථ සියල්ලම පාහේ මෙම වර්ජනයට එකව සිටිති.
මේ වර්ජනය සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ ගාල්ල කොළඹ සුඛෝපභෝගී බස් සංගමයේ සභාපති කේ ඒ ප්‍රභාත් මහතා මෙසේ පැවසීය.
මීට මාස අටකට ඉහතදී දුන්න ටෙන්ඩර් එකක් මේ බත්තරමුල්ල ගාල්ල බස් දෙකකට. ප්‍රවාහන හා ගුවන් සේවා කටයුතු ලේකම්තුමා ඒක දීර්ඝ කරලා තියෙනවා. පිටකොටුව දක්වා ධාවනය කරන්න කියලා. ගාල්ලේ සිට හයිවේ එකේ පිටකොටුව දක්වා ධාවනය කරන්න කියලා දීර්ඝ කරලා තියෙනවා.
මේ මගින් ටෙන්ඩර් පටිපාටියේ විසි වැනි වගන්තිය උල්ලංඝණය වීමක් වෙලා තියෙනවා. ටෙන්ඩර් එකෙන් ගත්තාට පස්සේ එම මාර්ග දීර්ඝ කිරීමක් හෝ කෙටි කිරීමක් කළ නොහැකියි එකේ සඳහන් කරලා තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටකොටුව දක්වා ධාවනය කරන එක හොදයි. බස් මුදලාලිට ඕන විදියට බස් දාන එක දැන්වත් නැවත් විය යුතුය, ජනතාවට අධිවේගී මාර්ගයේ ප්‍රතිලාභ ලැබෙන පරිදි සිදු විය යුතුය. හික්කඩුව හා අම්බලන්ගොඩ නගර වලිනුත් අධිවේගී බස් දාන්න ඕනේ. එම නගරවලින් උදේට වැඩට යන අයට සීඝ්‍රගාමී දුම්රියවල ආසන නැත.