IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉන්දියානු කම්කරුවන්ගෙන් යළිත් පැමිණිල්ලක්

(කාංචන කුමාර ආරියදාස)
 

ආහාරපාන සහ මාස තුනක වැටුප් නොලැබීම නිසා ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා සිටින කම්කරුවෝ තිස් දෙනෙකු පමණ තමන් ඉන්දියාවට පිටත් කර හරින ලෙස ඉල්ලා අද (4) දහවල් නැවතත් ගලේවෙල පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූහ.

මෙම ඉන්දියානු කම්කරුවන් ගලේවෙල කොස්පොත ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් අධි බලැති විදුලි රැහැන් සවි කරන පෞද්ගලික ආයතනයක සේවය කරන බවත් ඔවුන්ට මූලික අවශ්‍යතාවයන් නොමැතිව සිය ගමන් බලපත්‍ර වීසා බලපත්‍ර කිසිවක් නොමැතිව සිටින බව  ජනමාධ්‍ය මගින් හෙළිදරව් කෙරිණි.

ඒ අනුව පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමේ පිරිස මෙම කණ්ඩායම කඩිනමින් වැටුප් ලබා දී ඉන්දියාවට යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවට පොරොන්දු වී තිබුණ ද අද  වනතුරුත් එය ක්‍රියාත්මක නොවීම නිසා ඔවුහු මෙයාකාරයෙන් පොලිසියට පැමිණ සිටියහ.

මෙසේ පැමිණ සිටි ඉන්දියානුවන් පැවසුවේ පැය කිහිපයක් පොලිස් ස්ථානයේ රැඳී සිටියදී  ද  සේවයට පැමිණි පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයෙකු පැමිණ හෙට දිනය ඇතුළත මෙම කම්කරුවන් තිස් දෙනා  නැවත සිය රට පිටත්කර යැවීමටත් ඔවුන්ගේ මාස තුනක හිඟ වැටුප් ලබා දීමටත් පොරොන්දු වූ බවයි.

තමන් රැකියාවට රැගෙන ආ කොන්ත්‍රාත් සමාගම තමන්ට ආහාරපාන ලබා නොදී වැටුප් ලබා නොදී තමන් සතුව ඇති ගමන් බලපත්‍ර වීසා බලපත්‍ර සියල්ල සඟවා ගෙන සිටියදී ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ට ආහාරපාන ලබා දෙමින් සංග්‍රහ කළ බවයි. ශ්‍රී ලාංකික ජනතාවට ගෞරව කරන බව ද ඉන්දියානු ජාතික කම්කරුවෝ පවසති.

පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයන්  ඉල්ලීම අනුව ඔවුන් පොලීසියෙන් නික්ම නැවතත් ගලේවෙල ප්‍රධාන බස් නැවතුම්පොළට පැමිණ බස් රථයකින් ඔවුන් නැවතී සිටි ගලේවෙල කොස්පොත  ප්‍රදේශයේ නිවසට යෑමට සූදානම් විය.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ලංකාවේ ජනමාධ්‍යවේදීන් නොසිටින්නට තවදුරටත් වැටුප් ආහාර ජලය නොමැතිව තමන්ගෙන් වැඩ ගන්නා බවයි.


 



අදහස් (0)

ඉන්දියානු කම්කරුවන්ගෙන් යළිත් පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site