සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංක
කිලිනොච්චිය ඉරණමඩුව වැවේ වාන් ජලයෙන් දිය නාමින් සිටි පුද්ගලයකු දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ චාවකච්චේරි,මීසාලෙයි ප්‍රදේශයේ එන්.ඩිලක්ෂන් නමැති වයස අවුරුදු 21 තරුණයකු වේ.
ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව ජලය පිරුණු ඉරණමඩුව වැවේ වාන්දොරටු විවෘත කර ඇති මොහොතක වාන් දමන ජලයේ දිය නෑමට ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා ජලයේ ගිලී ඇති බව පොලීසිය සඳහන් කරයි.
තරුණයින් පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එලෙස දියනාමින් සිටියදී එකවර ජලය ඉහළ ගොස් ඇති අවස්ථාවක අදාළ තරුණයා ජලයේ ගසාගෙන ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd