(ඩී.කේ.රත්න)
තණමල්විල සෙවනගල කිරිවැව ප‍්‍රදේශයේ නිවසකදී අද (9) විදුලිසැර වැදීමෙන් කුඩා දරුවකු මිය ගොස් ඇතැයි සෙවනගල පොලීසිය පවසයි.
සෙවනගල කිරිවැව පදිංචි ජේ.ඒ.දෙනෙත් ඉදුවර නැමති වයස අවුරුදු හතක කුඩා පිරිමි දරුවකු සිය නිවසේදීම විදුලිසැර වැදීමෙන් මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මෙම දරුවා සිය නිවසේ තිබූ ශීතකරණය ඇල්ලීමේදී එම ශීතකරණයෙන් විදුලි කාන්දුවීමකින් විදුලිසැර වැදී මෙම මරණය සිදුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd