හිරාන් ප්‍රියංකර ජයසිංහ
පොලිස් නිළධාරින් මඟ හරමින් කාලයක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නිරත වූ අඹුසැමි යුවළක් පුත්තලම කොඨඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ගුඩ් සෙඩ් මාවතේ පදිංචි අඹුසැමි යුවළකි. මොවුන් කාලයක් තිස්සේ පොලිස් නිලධාරින් මඟ හරමින් මෙම ජාවාරම සිදුකර තිබේ.
අඹුසැමි යුවළ අත්අඩංගුවට ගත් අවස්ථාවේ මොවුන් සන්තකයේ සඟවා ගෙන තිබු හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රැම් 490 ක ප්‍රමාණයක් සොයා ගැනීමට විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් සමත් වී ඇත.
අදාළ හෙරොයින් තොගය කාන්තාව හැද සිටි ඇඳුම් තුළ ලක්ෂයකට ආසන්න හෙරොයින් සඟවා ගෙන තිබියදී සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙරොයින් ජාවාරමේ යෙදී සිටි අඹුසැමි යුවළක් අත්අඩංගුවට