සිරංගිකා ලොකුකරවිට
බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී රුචිර සතරසිංහ මහතාගේ නිවසට කිසියම් පිරිසක් පහර දී අලාභහානි සිදුකර ඇතැයි පෝද්දල පොලිසිය පවසයි.
අද (09) අලුයම කොහොඹලාදෙණිය පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණි කිසියම් පිරිසක් නිවසේ ඇතුළත ගෘහ භාණ්ඩවලට සහ වීදුරුවලට අලාභ හානි කර පලාගොස් ඇත.
මෙම පහරදීම සිදුකරන අවස්ථාවේ මන්ත්‍රීවරයා සහ පවුලේ සාමාජික සාමාජිකාවන් නිවසේ රැඳී සිට ඇති බවත් ඔවුන්ට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd