IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වතු කම්කරු උද්ඝෝෂණ දිගටම

(රංජිත් රාජපක්ෂ )   

 
තම  දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය 7 වැනි  දිනටත් වතුකරය පුරා ක්‍රියාත්මක කිරීමට   වෘත්තිය සමිති නායකයින් තීරණය කර ඇත.
 
ලංකා කම්කරු කොංග්‍රසය විසින් වතුකරය පුරා ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජන වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට වතුකරයේ සෙසු වෘත්තිය සමිතිවල සහයෝගයත් අද (10) සිට ලබා දිමට ඔවුහු තීරණය කර තිබේ.
 
මෙම වැඩ වර්ජනයට සමගාමිව වතු කම්කරුවෝ තම වතු යායේ තේ කර්මාන්ත ශාලව ඉදිරිපිටට පැමිණ වතු සමාගම්වලට එරෙහිව ටයර් පුළුස්සා සිය විරෝධය  දැක්වුහ.
 
වතු කම්කරුවෙකුට වතු සමාගම් විසින් දැනට දිනකට ගෙවන මුලික වැටුප වන රු 530 වැටුප රු 600 දක්වාත් දැනට පැමිණිමේ දිමනාව වශයෙන්  ගෙවන රු  60 දිමනාව රු 140 දක්වාත් වැඩි කර දිනකට වතු කම්කරුවෙකුට රු 1012 ක වැටුපක් ලබා දිමට  වතු සමාගම් විසින් වතු එකාබද්ධ  වෘත්තිය සමිති වෙත ඉදිරිපත් කර ඇති යෝජනාව වතු එකාබද්ධ වෘත්තිය සමිති විසින් ප්‍රතික්ෂේප කර ඇත.
 
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමණ් මහතා ඊයේ (09) පස්වරුවේ හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ මාධ්‍යය හමුවක් පවත්වමින් කියා සිටියේ වතු සමාගම් විසින් වතු කම්කරුවෙකුගේ දිනක මුලික වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට මැදිහත් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දින මුන ගැසි ඉල්ලිමක් කරන බවයි.
වතු සමාගම් එම වැටුප ලබාදෙන තෙක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බව තෝණ්ඩමන් මහතා  පැවසීය.



අදහස් (0)

වතු කම්කරු උද්ඝෝෂණ දිගටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site