(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළට අයුතු ලෙස ඇතුළු වී විදේශීය ජාතිකයින්ට හිරිහැරයක් වන පරිදි බීමත්ව කළහකාරීව හැසිරුණු බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා නියෝග කළේය.
එසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ හක්මන කොහුලියද්දේ පදිංචි කුමාර සමරසිංහ හා වරකපිටියේ මුණවීර කංකානම්ගේ චන්දන නැමැති පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකි.
වහාම ක්‍රියාත්මක වන පරිදි එම දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට ද දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා ක්‍රියාකර ඇත.
සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා තමා පොලීසියෙන් යයි පවසා හෝටලයට ඇතුළු වී මත්පැන් පානය කර විදේශීය ජාතිකයින්ට හිරිහැරයක් වන පරිදි හැසිරෙන බවට කොලඹ පොලිස් හදීසි ඇමතුම් අංශය වන 119 ලැබුණු තොරතුරකට අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩබලන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.
ඒ අනුව සියලු කරුණු සැළකිල්ලට ගත් මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා සැකකාර කොස්තාපල්වරු දෙදෙනා ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd