IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැලිගම කළහකාරීව හැසිරුණු කොස්තාපල්වරු දෙදෙනා රිමාන්ඩ්


 
 
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළට අයුතු ලෙස ඇතුළු වී විදේශීය ජාතිකයින්ට හිරිහැරයක් වන පරිදි බීමත්ව කළහකාරීව හැසිරුණු බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා නියෝග කළේය.


එසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ හක්මන කොහුලියද්දේ පදිංචි කුමාර සමරසිංහ හා වරකපිටියේ මුණවීර කංකානම්ගේ චන්දන නැමැති පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකි.


වහාම ක්‍රියාත්මක වන පරිදි එම දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට ද දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා ක්‍රියාකර ඇත.


සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා තමා පොලීසියෙන් යයි පවසා හෝටලයට ඇතුළු වී මත්පැන් පානය කර විදේශීය ජාතිකයින්ට හිරිහැරයක් වන පරිදි හැසිරෙන බවට කොලඹ පොලිස් හදීසි ඇමතුම් අංශය වන 119 ලැබුණු තොරතුරකට අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩබලන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.


ඒ අනුව සියලු කරුණු සැළකිල්ලට ගත් මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා සැකකාර කොස්තාපල්වරු දෙදෙනා ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කෙරිණි.



අදහස් (0)

වැලිගම කළහකාරීව හැසිරුණු කොස්තාපල්වරු දෙදෙනා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site