ඩී. ජී. සුගතපාල
අට හැවිරිදි ඥාති පුතා නීත්‍යානුකුල භාරකාරත්වයෙන් අපහරණය කොට බරපතල ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට දකුණු පළාත් ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා අද(12) බරපතල වැඩ සහිතව වසර දෙකක සිර දඬුවම්ද, රුපියල් පහළොස් දහසක දඩයක්ද, වින්දිත දරුවා වෙනුවෙන් රුපියල් හැත්තෑපන්දහසක වන්දියක්ද, නියම කොට සිර දඬුවම වසර දහයකට අත් හිටවූයේය.
මෙසේ දඩුවම් නියම වූයේ ඇල්ලගොඩ මැදදූවගේ බුද්ධික මධුශාන් නමැති විත්තිකරුවෙකුටය.
විත්තිකරු 2010 පෙබරවාරි 27 වන දින සිට 2011 ජනවාරි 26 දක්වා කාලය තුළ අවස්ථා කිහිපයකදීම තම ඥාති පුතෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ගාල්ල මහාධිකරණයේ අධිචෝදනා ලබා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd